Friday, April 26, 2024

General line - 0115112241

අනිද්දා සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලු පුද්ගලයින් ඇන්ටිජන් පරික්ෂාවට 




අනිද්දා දිනයේ දී සිට බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරනු ලබන පුද්ගලයින්ව රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අනිද්දා (28) සිට පෙබරවාරි මස 01 වෙනිදා දක්වා කාලය තුලදී බස්නාහිර පළාතෙන් පිටවන පිවිසුම් මාර්ග 11ක් ආවරණය වන පරිදි මෙම ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන ඇති බවයි.

මිට අමතරව පසුගිය දින කිහිපයේදී පොදු ප්‍රවාහන සේවාවන් සහ පාසැල් ළමුන් ප්‍රවාහනය කරනු ලබන බස් රථවල රියැදුරන් සහ සහයකයින් 1000 කට ආසන්න පිරිසකට සිදුකල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.