Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දීය කොරෝනා එන්නත නොමිලේ මෙරට ජනතාවට




ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත මෙරටට ලැබීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ආරක්‍ෂ අංශ නිලධාරීන් ලක්‍ෂ 3 කට පමණ ප්‍රථමයෙන් එන්නත්කරණය සිදුකරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ එම එන්නත මෙරට ජනතාවට නොමිලේ ලබාදීමට කටයුතු කරන බවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත අනිද්දා දිවයිනට ලැබීමට නියමිතව තිබෙනවා. එම එන්නත රට තුළ බෙදාහැරීම තාක්‍ෂණික කරුණු මත පදනම්ව සිදුකළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ. 

අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ඒ සම්බන්ධයෙන් මෙලෙස කරුණු දැක්වූවා.