Thursday, April 25, 2024

General line - 0115112241

බස්නාහිරෙන් පිටවන සියල්ලන් සදහා අද සිට කොරෝනා පරීක්‍ෂණ




අද සිට පෙබරවාරි පළමු වනදා දක්වා බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණවලට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී එම පරීක්‍ෂණ සිදු කෙරෙන බවයි. එමෙන්ම අද දිනයේදී දිවයින පුරා විශේෂ රථ වාහන මෙහෙයුමක් ද ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.