Wednesday, April 24, 2024

General line - 0115112241

අදානි එන්නේ දේශිය සමාගමක් සමගයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සියයට 49 ක කො⁣ටස් ඉන්දියානු සමාගමකට ලබාදීමේ ආයෝජන ව්‍යාපෘතියේ තීරණාත්මක භුමිකාවක් දේශිය සමාගම්ද සතුවන බව වාර්තාවේ.

අදානි සමාගම අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට නියමිතව ඇත්තේ ඔවුන්ගේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික හවුල්කරැවන් වන ජෝන් කීලස් හෝලඩින්ස් සමාගම සමග එක්වයි.
 
අදාළ,ගිවිසුම් ක්‍රියාවලිය තුළ සිය ශ්‍රි ලංකාවේ කොටස් වෙළෙද පලේ ලැයිස්තු ගත සමාගමක් වන ජෝන් කීල්ස් ව්‍යාපාර සමූහයටද විශේෂ භුමිකාවක් හිමි බව අදානි සමාගම සදහන් කර තිබේ.

පසුගියදා ⁣ඉන්දීය විදේශ අමාත්‍ය අචාර්ය එස් ජයසංඛර් මෙරට සංචාරයක නිරත වූ අවස්ථාවේදී ද මේ පිලිබද මෙරට නායකයන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව සමග  දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් එකගතාවයන්ට එළඹ ඇති බව සදහන් වේ.

කෙසේවෙතත් අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වරාය වෘත්තිය සමිති සහ ඇතැම් දේශපාලන පක්ෂ දිගින් දිගටම විරෝධය පළ කරමින් සිටින්නේ මෙය දේශිය සම්පත් විකුණා දැමීමක් බවටයි.

එම අදහස්වලට විරැද්ධ පාර්ශවයන්ගේ මතය වී ඇත්තේ මෙය චීනයෙන් හෝ වෙනත් රටකින් ණය ලබා ගැනීමක් නොව බහුතර කොටස් ශ්‍රී ලංකාව සතුවන ආයෝජන ව්‍යාපෘතියක් පමණක් බවයි.