Friday, April 19, 2024

General line - 0115112241

වව්නියාව TID කාර්යාලයේ රඳවා සිටි සැකකරුවන් 16 කට කොරෝනා 

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා වව්නියාවේ පිහිටි ත්‍රස්ත මර්දන ඒකකයේ මගින් අත් අඩංගුවට ගෙන සිටින සැකකරුවන්  19 දෙනාගෙන් 16 දෙනෙකුටම ඊයේ රාත්‍රිය වන විට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙනවා.

විවිධ ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මේ සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවා සිටියදී ඔවුන්ට කොරෝනා රෝගය ආසාධිත වී ඇති බවයි වාර්තා වන්නේ.

අහඹු ලෙස සිදු කරණ ලද පී.සී.ආර්.පරීක්ෂණයකයින් පසුව එම කාර්යාලයේ රදවා සිටි 19 දෙනාගෙන් 16 දෙනෙකුටම කොරෝනා රෝගය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

කොරෝනා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කරවීමටත් ඉතිරි පිරිස නිරෝධායනය කිරීමටත් පියවර ගෙන ඇත. සැකකරුවන් සමග රාජකාරී කටයුතු කළ නිලධාරීන්ද නිරෝධායනය කිරීමට සැලසුම් කොට තිබෙන බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 1,869 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියා. ඒ, දිනකදි සුවය ලැබූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කරමින්.

ඒ අනුව මේ වනවිට මෙරටදී සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 54,435 ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේද කොරෝනා ආසාදිතයින් 1,520 දෙනෙකු සුවය ලැබූ බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පැවසුවේ.