Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේත් අහඹු PCR සහ ඇන්ටිජන් පරීක්‍ෂණ




පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලයට අහඹු ලෙස 
පී සී ආර් පරීක්‍ෂණ සිදුකිරීමට තීරණය කර තිබෙනවා. ඒ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද එක්වන ලෙසයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ආරාධනා කළේ.

සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ඉදිරියේදී එම කටයුතු සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඉදිරි පාර්ලිමේන්තු සැසි වාරයන් පැවැත්වෙන කාලසීමාවන්වලදී මෙන්ම නොපැවැත්වෙන කාලසීමාවලදී ද සතියකට වරක් පී සී ආර් පරීක්‍ෂණ පැවැත්වීමට නියමිත බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ. 

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සුවය ලබා අද ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගියා. එම අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ වනවිට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් 7 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැණුනු අතර ඉන් තිදෙනෙකු සුවය ලබා මේ වනවිට නිවෙස් වෙත පිටව ගොස් තිබෙනවා.

කොරෝනා ආසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරගේ ආශ්‍රිතයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත්තිට සිදු කෙරුණු පී සී ආර් සහ ඇන්ටිජන් පරීක්‍ෂණවලදී තහවුරු වූයේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ තත්ත්වය සුව අතට පත්වෙමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කළා.