Wednesday, April 24, 2024

General line - 0115112241

නවීන් සහ අර්ජුනගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් - නවීන් පොදු අපේක්‍ෂකයෙක් ඉල්ලයි




මීළඟ ජනාධිපතිවරණයේදී විපක්‍ෂය වෙනුවෙන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් විය යුත්තේ පොදු අපේක්‍ෂකයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා. හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග සමග අද කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එම මාධ්‍ය හමුවට එක්වූ හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළේ මේ මොහොතේ පොදු විපක්‍ෂයක් අවශ්‍ය බවයි.

හිටපු අමාත්‍යවරුන් වන නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග එක්සත් ජාතික පක්‍ෂයේ තනතුරු ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එම පක්‍ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධනගෙන් අද මෙලෙස විමසීමක් කළා.