Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩකයෙකු ICCයේ චෝදනා තුනකට වරදකරුවෙයි




ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන්ඉරියව් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනතට අනුව චෝදනා 3 කට වැරදිකරු බවට සනාථ වී ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළා. ඒ, ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ දීර්ඝ විභාගයකින් අනතුරුවයි.

ඔහුට එරෙහිව 2019 වසරේ නොවැම්බර් මාසයේදී අයි සී සී දූෂණ මර්දන පනත යටතේ මෙම චෝදනා ගොනුකර තිබුණා. දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව පනවා ඇති ක්‍රිකට් තහනම තවදුරටත් වලංගු වන බවයි ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. ඔහුට එරෙහිව ඉදිරියේදී දඩුවම් පනවන බවද එම නිවේදනයේ දැක්වෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව චෝදනා ගොණුකර ඇත්තේ එමිරේට්ස් ක්‍රිකට් ආයතන දූෂණ මර්දන පනතේ වගන්ති 3 ක් උල්ලංගණය කිරීම හේතුවෙන්. 2017 වසරේ පැවති අබුඩාබි ටී - ටෙන් තරගාවලියට අදාළව මෙම චෝදනා ගොණුකර ඇති අතර  ඊට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර  ක්‍රිකට් කවුන්සිලය අද දිනයේ ප්‍රකාශ කළා.