Friday, April 26, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යය නිපදවූ තවත් කොවිඩ් මර්දන එන්නතක් ඵලදායී බවට අනාවරණයක්




බ්‍රිතාන්‍යය නිපදවූ නවතම කොවිඩ් මර්දන එන්නත වන නෝවාවැක්ස් එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සියයට 89.3 ක ඵලදායීතාවක් පෙන්නුම් කරන බව පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස ප්‍රභේදයට එලෙස වැඩි ඵලදායීතාවක් පෙන්නුම් කළ පළමු එන්නත නෝවාවැක්ස් එන්නත බවයි පර්යේෂකයින් පවසන්නේ. 

මේ වනවිට එම එන්නත් මාත්‍රා මිලියන 60 ක් පමණ බ්‍රිතාන්‍යයේ නිපදවා ඇති බව වාර්තා වනවා. නෝවාවැක්ස් එන්නතට බ්‍රිතාන්‍යයේ ඖෂධ හා සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ආයතනයේ අනුමැතිය හිමි වුවහොත් මෙම වසරේ දෙවන භාගයේදී එම එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බවයි බ්‍රිතාන්‍යය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

මේ වනවිට ෆයිසර් බයෝඑන්ටෙක්, ඇස්ට්‍රාසෙනෙකා සහ මොඩර්නා යන කොවිඩ් මර්දන එන්නත් 03 බ්‍රිතාන්‍යය තුළ හදිසි භාවිතය සඳහා අවසර හිමිව තිබෙනවා.