Friday, March 29, 2024

General line - 0115112241

කොවිඩ් නිසා ඩෙන්මාර්කයට මාර්තු තෙක් අගුලු වැටෙයි




කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් ඩෙන්මාර්කය වසා දමා ඇති කාල සීමාව තවත් සති 03 කින් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ලබන පෙබරවාරි 28 වනදා තෙක් ඩෙන්මාර්කය තවදුරටත් වසා තැබෙන බවයි එරට අග්‍රාමාත්‍ය මෙටී ෆ්‍රෙඩ්රික්සන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ.

කොවිඩ් වසංගත ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට එමගින් නොහැකි වුවත්, ව්‍යාප්තිය මන්දගාමී කිරීමට එම ක්‍රියාමාර්ගයට හැකි වනු ඇති බව ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය පවසා තිබෙනවා.

මේ වනවිට ඩෙන්මාර්කයේ ක්‍රියාත්මක නිරෝධායන රෙගුලාසි අනුව පාසල්, විශ්ව විද්‍යාල, ආපනශාලා සහ අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සියල්ල තවදුරටත් වසා තැබිය යුතුයි. හැකි සෑම විටම පුද්ගලයින් නිවෙස්වල රැඳී සිටිය යුතු වන අතර පුද්ගලයින් 05 දෙනෙකුට වැඩි පිරිසකට එකට රැස්වී සිටීමට අවසර හිමි වන්නේ නැහැ.