Friday, April 19, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව කොරෝනා ප්‍රභේදයට ඉරානයේ එන්නතකින් සාර්ථක පිළිතුරු 




ඉරානයේ නිපදවන ලද කොව්ඉරාන් බරකත් නැමැති කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර යන කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව ඉරානය පවසනවා. 

එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, එන්නත අත්හදා බැලීම සඳහා එන්නත්කරණයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින්ගේ රුධිර සාම්පල පරීක්ෂාවෙන් එය තහවුරු වී ඇති බවයි. 

මීට පෙර බ්‍රිතාන්‍යයේ නිපදවූ නොවාවැක්ස් එන්නත ද කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව සාර්ථක ප්‍රථිඵල පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණ කළා.