Thursday, March 28, 2024

General line - 0115112241

පිටින් ලේ පරික්ෂාව දෙසැම්බර් මාසයෙන් අවසන්




රජයේ රෝහල්වලට ඇතුළුවන රෝගීන් පෞද්ගලික අංශයෙන් රුධිර පරීක්ෂා කිරීමේ ක‍්‍රමවේදය එළැඹෙන දෙසැම්බර් මාසයේ සිට තහනම් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රසායනාගාර සේවා කි‍්‍රයාත්මක සියලුම රෝහල්වලට ලේ පරීක්ෂා කිරීමේ යන්ත‍්‍ර දෙසැම්බර් මාසය වන විට ලබාදීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ බවයි එම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

දැනටමත් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර සඳහා ඇතුළු වන රෝගීන්ට පෞද්ගලික අංශයෙන් රුධිර පරීක්ෂාවන් සිදු කිරීම තහනම් කර තිබෙනවා.

තත්පර 30 කදී රෝග පරීක්ෂණ දහසයක් සිදු කළ හැකි ලේ පරීක්ෂා කිරීමේ යන්ත‍්‍ර සියලුම රෝහල් වෙත ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති අතර එම එක් යන්ත‍්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ එකසිය පනහක් පමණ වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.