Friday, March 29, 2024

General line - 0115112241

අලුත් ආර්ථික ක‍්‍රමයක් ගෙන ඒමට රජය සූදානම්




නව ආර්ථික ක‍්‍රමයක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ වර්තමානයට ගැලපෙන නව ආර්ථික ක‍්‍රමයක් ඉදිරියේදී බිහි කරන බවයි.

බලයට පත් වූ සියලු රජයන් විවෘත ආර්ථික ක‍්‍රමය විවේචනයට ලක් කළද එහි පැහැදිලි වෙනසක් සිදු නොවූ බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුවේ ස්වර්ණ තිළින සහ විශිෂ්ඨතා සම්මාන උළෙලට අද (07) පෙරවරුවේ එක්වෙමින්.