Friday, March 29, 2024

General line - 0115112241

කිම්කො රහීම් පීනපු හැටි (VIDEO)




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ ශි‍්‍ර ලංකාව තැබූ පළමු බලාපොරොත්තුව ඊයේ (07) රාති‍්‍රයේ බොඳ වී ගියා.

ඒ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වට එක් වූ කිමිකෝ රහීම් දෙවැනි මූලික තරගයේදී සිවුවැනි ස්ථානයට පත්වීමත් සමගයි. තරග නිමි කාලය විනාඩි 1.04.21ක්. එම දක්ෂතාව ඇයට අවසන් පූර්ව වටයට පිවිසීමට තරම් ප‍්‍රමාණවත් වූයේ නැහැ.

කෙසේ වෙතත් කිමිකෝ රහීම් තායිලන්තයේ දී, ඉකුත්දා මෙම දක්ෂතාවට වඩා හොඳ කාලයක් වාර්තා කළා. එහිදී විනාඩි 1.02.63ක දක්ෂතාවක් වාර්තා කරමින් ඇය සිය පෞද්ගලික හොඳම දක්ෂතාව මෙන්ම නව ශී‍්‍ර ලංකා වාර්තාවක්ද පිහිටුවූවා.

එමෙන්ම කිමිකෝ රහීම් ඉකුත් 12 වැනි දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලේදී විනාඩි 1.03.78ක දක්ෂතාවක් ප‍්‍රදර්ශනය කළත්. මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේදී එම දක්ෂතාවට ළඟාවීමටත් ඇයට හැකි වූයේ නැහැ.

රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ මීටර් සියය පසුපස ආර කාන්තා පිහිනුම් ඉසව්වේ මූලික වටයේ තරග සඳහා කී‍්‍රඩිකාවන් 34 දෙනෙකු තරග වැදුනා. ඉන් 16 දෙනෙකු අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත් අතර කාල ගණනය අනුව කිමිකෝ රහීම්ට එම ඉසව්වේ හිමිවූයේ 28 වැනි ස්ථානයයි.

අමෙරිකාවේ බේකර් කෙත්ලින් එම ඉසව්වේ හොඳම කාලය වාර්තා කළේ තත්පර 58.84ක් දක්ෂතාවක් වාර්තා කරමින්.

එම වීඩියෝව පහතින් බලන්න

kimko www.nethnews.lk0001 kimko www.nethnews.lk0002 kimko www.nethnews.lk0003

13936976_10210298153476552_211147394_n

13934728_10210298969016940_5435653154510421558_n