Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු මහ බැංකු අධිපති FCID ගෙන එන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්




නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කළ පමණින් මහ බැංකු බැදුම්කර නිකුතුවේදී සිදුවූ වංචාවෙන් ගැලවීමට රජයට හැකියාවක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී එහි නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා මේ බව කියා සිටියා.

ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ මතභේදාත්මක මහ බැංකු බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශනයක් සිදු කළ යුතු බවයි.

“අපි රජයෙන් , ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා හොරකම් කරපු අයට , වැරදිකරුවන්ට දඬුවම් නොදී තනතුරෙන් පමණක් ඉවත් කිරීම සෑහෙන්නේ නැහැ. ඔවුන්ට ඔබ රජය විසින් පත්කරලා තිබෙන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට වහාම ඉදිරිපත් කරලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. භාණ්ඩාගාර බැදුම්කර සිද්ධියට සම්බන්ධ සියළුම පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ආ යුතුයි කියලා අපි යෝජනා කරනවා”.

මේ අතර හිටපු මහ බැංකු අධිපතිවරයා ඉවත් කිරීම එකාබද්ධ විපක්ෂය ගෙන ගිය සටනේ ජයග‍්‍රහණයක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.