Saturday, April 20, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් කොරෝනා එන්නත් මිලදී ගන්න නීතිපති අනුමැතිය




රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඉන්දියාවේ සිරම් ආයතනය අතර කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීම සඳහා එකඟවී ඇති ගිවිසුම වෙනස්කම්වලට යටත්ව අනුමත කිරීමට නීතිපතිවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව එම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ”ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත් මාත්‍රා මිලියන 18ක් ශ්‍රී ලංකාව මිලදී ගනු ඇති.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 463 දෙනෙකු අද දිනයේ  හඳුනාගෙන තිබෙනවා. අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 774ක්. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 76,428ක් වනවා. 

මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 715 දෙනෙකු අද දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවයාමත් සමග කොවිඩ් ආසාදිතව සුවය ලැබූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 69,411ක් දක්වා ඉහල ගියා.