Friday, April 19, 2024

General line - 0115112241

වැට් බදු පනතෙන් ශ‍්‍රීලනිපය දෙකට බෙදෙයි




වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීමක් නිර්මාණය වී තිබෙනවා.

පනත් කෙටුම්පත ලබන 11 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව ඊට සහාය ලබාදෙන බව අමාත්‍ය සරත් අමුණුගම මහනුවරදී ඊයේ (07) ප‍්‍රකාශ කළා. ඒ, මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින්.

කෙසේ වෙතත් බදුල්ලේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක ඩිලාන් පෙරේරා සඳහන් කළේ වැට් බදු සංශෝධන පනත් කෙටුම්පතට සහාය ලබාදීමට පක්ෂය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වැට් බදු සංශෝධනය මේ ආකාරයෙන්ම සම්මත කරගැනීමට විරුද්ධ බවද රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.