Saturday, April 20, 2024

General line - 0115112241

එට්කා ගැන විශේෂ සාකච්ඡාවක් හෙට




ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් නිලධාරී මට්ටමේ විශේෂ සාකච්ඡා වටයක් හෙට (09) ආරම්භ වනවා.

ඒ සඳහා දෙරටේම නියෝජිතයින් පිරිසක් සහභාගි වීමට නියමිතයි. හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි සංවර්ධන උපයා මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම නෙත් නිවුස් වෙත කියා සිටියේ.

මේ වසර අවසන් වීමට පෙර ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීමටයි රජය සැලසුම් කර තිබෙන්නේ.