Tuesday, April 16, 2024

General line - 0115112241

මීළඟ ජනාධිපතිවරණයටත් තරඟ කරන්න මෛත්‍රීගෙන් සැලසුම්




හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2025 වසරේ පැවැත්වෙන මීළඟ ජනාධිපතිවරණයට ද ඉදිරිපත් වීම සඳහා සැලසුම් කරමින් සිටින බව වාර්තා වනවා. නව දේශපාලන සන්ධානයක් ගොඩනගා ගනිමින් එම මැතිවරණයට ඉදිරිපත් වීමට දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇත‘ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ. එම තොරතුරු ඇතුළු ගෙවී යන සතියේ දේශපාලන කරළියේ හෙළි නොවූ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් - කණින් කොණින් විශේෂාංගය දැන්.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලබා ඉකුත්දා රෝහලෙන් පිටව ගිය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මේ වන විට ඇගේ සමීපතමයෙකුගේ නිවසක රැදී සිටින බව වාර්තා වනවා.