Tuesday, April 23, 2024

General line - 0115112241

මගීන් 241ක් රැගත් ගුවන් යානයක එංජිමක් අඩි 15,000ක් ඉහළ අහසේදී ගිනිගෙන සුන්බුන් පොලොවට කඩා වැටුනු අයුරු (VIDEO / PHOTOS)




අමෙරිකාවේ ඩෙන්වර් ගුවන් තොටුපොළේ සිට හවායි දුපත් බලා ගමන් කරමින් තිබු යුනයිටඩ් ගුවන් සමාගමට අයත් බෝයිං 777 වර්ගයේ ගුවන් යානයක එංජීමක කොටස් ගිනි ගෙන කඩා වැටීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

මෙම සිදුවීම වන අවස්ථාවේ ගුවන් යානාය අඩි 15,000ක් ඉහලින් පියාසර කරමින් සිට ඇති අතර ගුවන් යානය තුල මගීන් 231ක් දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු සිට තිබෙනවා.

ඉහල අහසේදී ගිනි ගත් ගුවන් යානාවේ එංජිමේ කොටස් ඩෙන්වර් ප්‍රදේශයේ නිවාස සහ මාර්ගයේ ස්ථාන රැසකට කඩා වැටීමෙන් දේපල හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

යානයේ එංජිම ගිනි ගැනීමත් සමගම ගුවන් නියමුවා විසින් ගමන් ඇරඹු ඩෙන්වර් ගුවන් තොටුපොල සමග සම්බන්ධවී හදිසි ගොඩබෑමකට අවසර ඉල්ලා ඇති අතර ගුවන් යානය ගුවන් ගතවී මිනිත්තු 30 කට පසුව යලි ආරක්ෂා සහිතව ගොඩබෑමට නියමුවන් සමත්ව තිබෙනවා.

මෙම අනතුරෙන් ගුවන් යානයේ හෝ ගොඩබිම සිටි කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුනොවීම සැබවින්ම ආශ්චර්යක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.