Friday, April 19, 2024

General line - 0115112241

ඔබත් ඇස් කන්නාඩි පළදිනවා ද ? එසේනම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබට සුභ පණිවිඩයක් 




ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව කන්නාඩි පළදින පුද්ගලයින් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩු අගයක් ගන්නා බව ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

වයස අවුරුදු 10-80 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් 304 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත්තේ.  

මෙම පර්යේෂණය සඳහා සහභාගී වූ පුද්ගලයින් ගෙන් වෛරසය ආසාදනය නොවූ පිරිස සීයයට 19ක් වූ අතර ඔවුන්ට තිබෙන දෘශ්‍ය ආබාධ හේතුවෙන් දෛනිකව ඇස් කණ්නාඩි පැළදීම සිදුකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව දෛනිකව පැය 08කට අධික කාලයක් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවස්ථාව එලෙස කන්නාඩි නොපලදින පුද්ගලයින්ට සාපේක්ෂව 3-4 වාරයක් අවම බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

සෑම මනුෂ්‍යයෙකුම පැයකට 23 වරක් තම මුහුණ ස්පර්ශ කරන අතර තෙවරක් ඇස් ස්පර්ශ කරන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

දීර්ඝ කාලීනව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් නිරන්තරයෙන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැලකීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් පෙන්නුම් කරන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

චීනයේ සමස්ත කොරෝනා ආසාදිතයින් අතුරින් ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් වාර්තා වී ඇත්තේ සීයයට 5 කට අඩු අගයක් පමණක් බව පසුගිය වසරේදී එරට පර්යේෂකයින් විසින් සඳහන් කර සිටියා.

මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලදී ඇස් කන්නාඩි පැලදීම සහ දිනකට වැඩි කාලයක් කන්නාඩි පැලදීම මගින් කොරෝනා වෛරසය නිරාවරණය වීමේ හැකියාව අවම කරන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

"ඇස්" හරහා කොවිඩ් වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවා සිටියේ මෙම වෛරසයේ ව්‍යාප්තිය ඇරඹීමත් සමගයි.