Friday, March 29, 2024

General line - 0115112241

ප්‍රමුඛස්ථානය ඉන්දියාවටයි : සෑම රටකටම ඉවසීමෙන් ඉන්නැයි කොවිෂිල්ඩ් එන්නත නිපදවන ඉන්දීය සමාගමේ ප්‍රධානියා කියයි




කොවිඩ් එන්නත සම්බන්ධයෙන් ලොව සෑම රජයක්ම සහ රටක්ම ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස තමන් නිහතමානීව ඉල්ලා සිටින බව " ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ්" එන්නත නිෂ්පාදනය කරනු ලබන ඉන්දියාවේ සේරම් ඉන්ස්ටියුට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Adar Poonawalla ඉල්ලා සිටිනවා.

සිය නිල ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ ඉන්දියාවේ පවතින දැවැන්ත අවශ්‍යතාවයන්ට ප්‍රමුඛත්වය ලබා දෙමින් ලොව අන් රටවල් සඳහා එන්නත බෙදා දීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බවයි.

ලොවපුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඊට සාර්ථක විසඳුමක් ලෙස පෙනෙන්නට තිබෙන එන්නත්කරණය බැවින් එන්නත් ලබා ගැනීම සඳහා ලොව රටවල් අතර මේ වන විට දැඩි තරගකාරී සොභාවයක් දක්නට ලැබෙනවා.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නත නිෂ්පාදනය කරනු ලබන ඉන්දියාවේ සේරම් ඉන්ස්ටියුට් ආයතනය මේ වන විට ලොව එන්නත් නිෂ්පාදනයේ තෙවන විශාලතම ආයතනය වනවා. 

මේ අතර ඉන්දියානු කොවිෂීල්ඩ් එන්නත ඉදිරි සතිවලදී කැනඩාව, බ්‍රිතාන්‍යය ඇතුලු බටහිර රටවල්වලටද බෙදාහැරීමට නියමිතයි.

එහි මාත්‍රා ලක්ෂ දෙකක් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවටද ලබාදී ඇති අතර ඒ පිලිබද එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයා ඉන්දියාවට සිය ස්තුතිය පළ කර තිබේ.

නේපාලයට ද පසුගිය සතියේදී   දෙවන සැපයුම් වටය යටතේ එන්නත් මිලියනයක් ලැබී ඇති අතර එන්නත් මාත්‍රාවක ආසන්න මිල ඩොලර් හතරක් පමණ වී ඇති බව සදහන් වේ.
 
මේ අතර ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජය සංකර් ප්‍රකාශ කර ඇත්තේ මේ වනවිටත් ඉන්දියාව රටවල් 25 කට වැක්සීන් සපයා ඇති බවත් ඉදිරි සති කිහිපයේදී එය රටවල් 49 ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.