Thursday, April 18, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් 3 දෙනෙක් අද ඔලිම්පික් තරග බිමේ




රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලේ වෙඩි තැබීම, ජූඩෝ සහ බර ඉසීලීමේ ඉසව් සඳහා ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයින් තුන්දෙනෙකු අද (08) සහභාගි වනවා.

මීටර් 10 වායු රයිෆල් වෙඩි තැබීමේ ඉසව්වට තරගවදින්නේ මංගල සමරකෝන්. ඔහු සහභාගි වන තරග ඉසව්ව ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර චාමර නුවන් ධර්මවර්ධන කිලෝග‍්‍රෑම් 73 බර පන්තියෙන් ජූඩෝ ඉසව්වට සහභාගි වනවා. එම ඉසව්ව ශ‍්‍රී ලංකා වේලාවෙන් රාතී‍්‍ර 07.05ට ආරම්භ වනවා.

මේ අතර පොදුරාජ්‍ය මණ්ඩලයීය පදක්කම්ලාභී සුදේශ් පීරිස් සහභාගි වන බර ඉසිලීමේ ඉසව්වද අද (08) පැවැත්වීමට නියමිතයි. ඔහු තරග වදින්නේ කිලෝග‍්‍රෑම් 62 බර පන්තියෙන්. එම ඉසව්ව ශ්‍රී ලංකා වෙලාවෙන් පස්වරු 6.30ට ආරම්භ වනවා.

Mangala Samarakoon – ‪#‎ShootingMen‬’s 10m air rifle – 05.30 Pm
Sudesh Peiris – #Weightlifting 62 kg event – 06.30 PM
Chamaranuwan Darmawardana – #Judo 73 kg event – 07.05 PM

01 02 03