Saturday, April 20, 2024

General line - 0115112241

බලපෑම් කර කොරෝනා එන්නත ලබා ගැනීමේ සිද්ධීන් ගැන පුළුල් පරීක්ෂණයක්




ඇතැම් පාර්ශව විවිධ බලපෑම් කරමින් කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා බවට වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ කියා සිටියේ යම් යම් පුද්ගලයින් විසින් සැලසුමට පිටින් ගොස් විවිධ බලපෑම් කර දැන හැඳුනුම්කම් හා තනතුරු භාවිත කර එන්නත් ඉල්ලා සිටින තත්ත්වකට පත්ව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ විවිධ බලපෑම් කරමින් එන්නත් ලබා ගත් බවට සිද්ධීන් කිහිපයක් මේවනවිට වාර්තා වී ඇති බවයි.

මේ අතර අලුතින් හදුනා ගන්නා කොරෝනා ආසාදිතයින් රෝහල් ගත කිරීමේදී ප්‍රමාද වන බවට එල්ල වන චෝදනාවන්ට ද වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මෙලෙස පිළිතුරු ලබා දුන්නා.

මේ අතර ඉන්දියාවේ සීරම් ආයතනයෙන් ඇනවුම් කරන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා - සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ලබන බ්‍රහස්පතින්දා රාත්‍රීයේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.