ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව රැම්සා අභය භූමි කලාපයේ රෝපණය කර තිබූ කඩොලාන පැළ ගලවා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආනවිළුන්දාව රැම්සා අභය භූමිය භාරව සිටින වනජීවී දෙපාර්තමේන්තුවේ වන සත්ත්ව අඩවි සහකාර ඩබ්ලිව් එල් පී බුද්ධික උපනන්ද පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අදාළවයි.
සැකකරුවන් විසින් කඩොලාන පැල 1000 ක් පමණ ගලවා දමා ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධිකයි. ලෝක තෙත්බිම් දිනය වෙනුවෙන් ආරච්චිකට්ටුව, ආනවිලුන්දාව රැම්සා අභය භූමි කලාපයේ ඉකුත් දා අලුතින් කඩොලාන පැළ රෝපණය කළා. සැකකරුවන් විසින් ගලවා දමා ඇත්තේ එලෙස සිටුවන ලද කඩොලාන පැළ ප්‍රමාණයෙන් කොටසක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අදහස් පළ කළේ මෙලෙසයි.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here