Friday, March 29, 2024

General line - 0115112241

දසුන් ශානක කොදෙව් සංචාරයට එක් නොවීම පිළිබද පැහැදිලි කිරීමක්




බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා ශ‍්‍රී ලංකා පන්දුවාර විස්සයි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ දසුන් ශානක කණ්ඩායමේ සෙසු ක‍්‍රීඩකයින් සමග බටහර ඉන්දීය කොදෙව් දුපත් බලා පිටත්ව නොගිය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසනවා.  වීසා සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් මත ඔහුට සෙසු කී‍්‍රඩකයින් සමග ඊයේ දිනයේ කොදෙව් සංචාරයට එක්වීමට හැකියාව නොලැබුණු බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. 

2018 වසරේදී දසුන් ශානකගේ විදේශ ගමන් බලපත‍්‍රය අස්ථාන ගත වී ඇති අතර මේ හේතුවෙන් මෙම ගැටලූව මතුව තිබෙනවා. 

එහි වසර 5ක් සදහා අමෙරිකානු වලංගු වීසා ඇතුළත්ව තිබූ බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ. කඩිනමින් මෙම ගැටලූව විසදා ගැනීමට කටයුතු කරන බවත් ඉදිරි දිනකදී දසුන් ශානක සෙසු කී‍්‍රඩකයින් සමග එක්වනු ඇති බවද ශී‍්‍ර ලංකා කිි‍්‍රකට් ආයතනය සදහන් කළා.