Thursday, April 25, 2024

General line - 0115112241

පාස්කු කොමිසමේ වාර්තාව කථානායක අතට - නීතිපතිටත් පිටපතක් ලබාදෙන බවට ආණ්ඩුව කියයි




පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් අද දිනයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. එම වාර්තාවේ පිටපතක් පාර්ලිමේන්තුවට ලබාදෙන්නේ දැයි ආණ්ඩු පක්‍ෂය පිළිතුරු ලබාදිය යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නිරෝෂන් පෙරේරා එහිදී කියා සිටියේ. ඔහු අදහස් පළ කරන අතරතුර පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එහිදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පිළිතුරු ලබාදුන්නා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු ද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

ඊට ආණ්ඩු පක්‍ෂය වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පිළිතුරු ලබාදුන් අතර අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් හරීන් ප‍්‍රනාන්දු මන්තී‍්‍රවරයා යළි අදහස් දැක්වූවා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියාසිටියේ පාස්කු ප‍්‍රහාරය පිළිබද සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන් වෙත ලැබුණු බවයි.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද පාස්කු ප‍්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල.

නීතිය කි‍්‍රයාත්මක කිරීම සදහා එම වාර්තාවේ පිටපතක් නීතිපතිවරයාට ද යොමු කරන බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ.

2019 වසරේ අපේ‍්‍රල් මස 21 වනදා ස්ථාන 08 ක සිදුවු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 260 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා. එම ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 වසරේ සැප්තැම්බර් මස 21 වනදා පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළා. එම කොමිෂන් සභාව පුද්ගලයින් 440 දෙනෙකුගෙන් සාක්ෂි විමසු අතර සිය විමර්ශනය සම්බන්ධයෙන් සකස් කළ අවසන් වාර්තාව ඉකුත් 01 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.