Tuesday, April 23, 2024

General line - 0115112241

සුව ඇමතිනිය යළිත් අමාත්‍යාංශයට




කොරෝනා ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි අද සෞඛ්‍ය අමාත්‍යාංශයේ යළි රාජකාරී ආරම්භ කළා. කොග්ගල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක ප‍්‍රතිකාර ලැබූ අමාත්‍යවරිය පසුව කොළඹ අයි ඞී එච් රෝහලට මාරු කෙරුණා.

එහි සති 3 ක කාලයක් ප‍්‍රතිකාර ලබා සුවවීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරිය ඉකුත් 16 වනදා සිය නිවස බලා පිටත්ව ගියා.

අද දිනයේ ඇය සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ පවතින කොරෝනා තත්ත්වය සහ වෛරසය මර්දන වැඩපිළිවලෙහි ප‍්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සාකච්ඡුාවක නිරත වූ බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.