Thursday, April 25, 2024

General line - 0115112241

ඇමති දිනේෂ් රාතී‍්‍ර 9 යි 15 ට ජිනීවා කවුන්සිලය ඇමතීමට සූදානම්




ශ‍්‍රී ලංකාව, අද රාති‍්‍රයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙරට වේලාවෙන් රාතී‍්‍ර 09 යි 15 ට පමණ අන්තර්ජාලය ඔස්සේ එම සැසිවාරය ඇමතීමට නියමිත බවයි විදේශ අමාත්‍යංශය පැවසුවේ.

රජය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප‍්‍රධානත්වයෙන් යුතුව නම් කරන ලද කමිටුව ද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගිවීමට නියමිතයි. කලාපීය සහයෝගිතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල හා මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර, අදාල කමිටුවට අයත්.