Thursday, April 25, 2024

General line - 0115112241

කින්නියාවේදී මියගිය කොවිඩ් ආසාදිතයාගේ සිරුර ඥාතීන් ඉල්ලා සිටීම නිසා ත්‍රිකුණාමලයට ගෙනවිත් ආදාහනය කරයි 

ත්‍රිකුණාමලය අමදෝරු අමරජිව




කින්නියා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියදි මියගිය අයෙකුට කොවිඩ් -19 ආසාදනය වි ඇති අතර මියගිය මුස්ලිම් ජාතිකයාගේ මෘත දේහය ඥාතින් ඉල්ලා සිටිම නිසා දේහය අද (23) ත්‍රිකුණාමලය මහා රෝහලේ මෘත ශරිරාගාරයට ගෙනවිත් එදිනම ආදාහනය කිරිමට සෞඛ්‍ය නිලධාරින් පියවර ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා කින්නියා රෝහලට මිය යෑමට දින තුනකට කලින් ස්වසන අපහසුතා කියා ඇතුලත් කර තිබුණා. කින්නියා, අඩපනාවසල්හි පදිංචි 72 හැවිරිදි වියේ පසු වු මෙම පුද්ගලයා මියයැම නිසා සිදුකල රැපිට් ඇන්ටිජන් පරික්ෂණයෙන් කොවිඩ් 19 ආසාදනය වි ඇති බවට තහවුරු විමෙන් පසු තවදුරටත් එය තහවුරු කර ගැනිම සදහා සිදුකල PCR පරික්ෂණයෙන් කොවිඩ් 19 ආසාදය වි ඇති බවට තහවුරු  වු බවයි ත්‍රිකුණාමලය ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩි.ජි.එම් කොස්තා ප්‍රකාශ කර සිටියේ.

ඥාතින් මෘත දේහය ඉල්ලා සිටිම නිසා පොලිස් යතුරු පැදියක ආරක්ෂාව යටතේ මෘතශරිරය ගිලන් රථයකින් ත්‍රිකුණාමලය රෝහලට රැගෙන විත් නගර සභා පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදි  ආදාහනය කිරිමට සෞඛ්‍ය බලධාරිහු පියවර ගෙන තිබුණා.