Saturday, April 20, 2024

General line - 0115112241

සංගක්කාරගේ ජැමෙයිකා පිල කැරිබියන් ක‍්‍රිකට් ශුරතාව දිනයි




කුමාර් සංගක්කාර නියෝජනය කළ ජැමෙයිකා තලාවස් කණ්ඩායම කැරිබියන් ප‍්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක‍්‍රිකට් ශූරතාව දිනා ගැනීමට අද (08) සමත් වුණා.

අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ කඩුලු 9කින් පරාජයට පත්වුණේ වියානා ඇමර්සන් වෝරියස් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් වියානා ඇමර්සන් වෝරියස් කණ්ඩායම පන්දුවර 16යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කළේ ලකුණු 93යි.

ජැමෙයිකා තලාවස් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ජයග‍්‍රාහී සීමාව පසුකර ගියා.

ක‍්‍රිස් ගේල් පන්දු 27කදී ලකුණු 54ක් රැස්කළා. කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 12ක් ලබාගත්තා.

ජැමෙයිකා තලාවස් කණ්ඩායම කැරිබියන් ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් ශූරතාව දිනූ දෙවන අවස්ථාව මෙයයි.

Tallawahs squad