Friday, March 29, 2024

General line - 0115112241

ශ‍්‍රී ලංකාවට එංගලන්තයෙන් ලකුණු 325ක ඉලක්කයක්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පස්වන එක්දින කි‍්‍රකට් තරගය කාර්ඩිෆ් හිදී දැන් පැවැත්වෙනවා.

ලකුණු 325ක ඉලක්කයක් හඹා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 11ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 48 ක් රැස් කර සිටියා.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 06කට දැවී ගියා. කාසියේ වාසිය දිනූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 324ක් රැස් කළා.

ජෝ රූට් ලකුණු 93 යි. ජෝස් බට්ලර් ලකුණු 70ක් රැස් කළා. පන්දු යැවීමේදී ධනුෂ්ක ගුණතිලක ලකුණු 48කට කඩුලු 03ක් බිඳ හෙලනු ලැබුවා.

13592747_370748216382228_977531226541081472_n