Thursday, March 28, 2024

General line - 0115112241

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේදී පැවැත්වීමට රජයෙන් තීරණයක්




මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත් මුල්කරගනිමින් නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට රජය තීරණය තිබෙනවා. ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65 ක් හා දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කරන ලෙසයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධනට උපදෙස් ලබා දී ඇත්තේ. 

මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සම්ප‍්‍රදායික වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණය වීමයි. ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති හින්දු, කි‍්‍රස්තියානි හා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු ද එක් වන බව අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළා. මේ සම්බන්ධයෙන් සාකච්ඡුාවක් ඊයේ අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා. 

උතුරු පළාතේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක, නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ‍්‍රී නවදගල පදුමකිත්ති නාහිමි, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළ බව ද අග‍්‍රාමාත්‍ය කාර්යයාලය සදහන් කළා.