Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා රජයට මානව හිමිකම් කවුන්සිලයේ රටවල් 21කින් සහය




එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක‍්‍රියාකාරී සංවාදයේදී රටවල් 21 ක් ශ‍්‍රී ලංකාවට පක්ෂව පෙනී සිට තිබෙනවා. රටවල් 15 ක් ශී‍්‍ර ලංකාවට එරෙහිව පෙනී සිටි අතර මධ්‍යස්ථව කටයුතු කළ රටවල් ගණන 
02 ක්. යුද සමයේදී මානව හිමිකම් සහ වගවීමේ ගැටළු සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා එක්සත් රාජධානිය ප‍්‍රමුඛ රටවල් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට යෝජනා කිරීමත් සමග අන්තර් ක‍්‍රියාකාරී සංවාදය සිදු වූයේ දැඩි උණුසුම් වාතාවරණයක් මධ්‍යයේයි.

එම යෝජනාවට එරෙහිව ශී‍්‍ර ලංකා රජයේ නියෝජිතයින් අදහස් දක්වා තිබෙනවා. එක්සත් රාජධානිය, නෝර්වේ, කැනඩාව, අමෙරිකාව, ජර්මනිය සහ යුරෝපා සංගමය වැනි රටවල නියෝජිතයන් ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරයට එරෙහිව අදහස් පළ කළා. 

ශ‍්‍රී ලංකා රජයේ ස්ථාවරය වෙනුවෙන් අදහස් පළ කළ රටවල් වන්නේ රුසියාව, චීනය, පාකිස්තානය, ඉරානය, වියට්නාමය, මාලදිවයින, කියුබාව, නිකරගුවාව, එරිත‍්‍රියාව, නේපාලය, කාම්බෝජය, ලා ඕසය, අසර්බයිජානය, වියට්නාමය, බෙලාරුස්, උතුරු කොරියාව, ගැබොන්, පිලිපීනය, සිරියාව සහ ඊජිප්තුවයි. එම රටවල් අතරින් 10 ක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් වනවා. මධ්‍යස්ථ ස්ථාවරයක් දරා ඇත්තේ ඉන්දියාව සහ ජපානයයි.