Friday, March 29, 2024

General line - 0115112241

රියෝ ඔලිම්පික් උළෙලේදී තවත් නව පිහිනුම් ලෝක වාර්තා 2ක්




රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ දෙවන දිනය වූ ඊයේ (07) නව පිහිනුම් ලෝක වාර්තා 2ක් බිහිවුණා.

එක් ලෝක වාර්තාවකට හිමිකම් කීවේ ස්ඩිඩනයේ සරා ජොස්රොම්. කාන්තා මීටර් 100 සමනල ආර ඉසව්වට එක් වූ ඇය තත්ත්පර 55.48ක දක්ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.

මීට පෙර එම ලෝක වාර්තාවට හිමිකම් කීවේ ද ස්වීඩනයේ සරා ජොස්රොම්. ඇය සිය ලෝක වාර්තාව වසරක් තුළ අලුත් කළ තුන්වන අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

අනෙක් ලෝක වාර්තාව පිහිටුවූයේ කාන්තා මීටර් 400 නිදහස් ආර ඉසව්වට එක්වූ අමෙරිකාවේ කැටී ලෙඩිකායි. ඇය විනාඩි 3.56.46ක දක්ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගත්තා.

මීට පෙර එම ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කීවේ ද ඇයයි.

sara jerome
Sara Jerome

13903171_379455528844830_6845784970426052912_n

Katie Ledecky
Katie Ledecky

13938375_379455858844797_1139002489592837937_n