ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ දිල්ලියේ පිහිටි ඒම්ස් රෝහලේදී කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගෙන තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ සම්පූර්ණයෙන්ම දේශිය නිෂ්පාදනයක් ලෙස එරට භාරත බයෝටෙක් ආයතනය නිෂ්පාදනය කළ කොවැක්ෂින් එන්නත ඔහු විසින් මෙහිදී ලබාගෙන ඇති බවයි.
ඉන්දීය කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වැඩපිලිවෙළ යටතේ වයස අවුරැදු හැටට වැඩි සහ වයස අවුරැදු 45ට වැඩි විවිධ දුර්වලතාවයන්ගෙන් පෙලෙන අයට අද සිට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගත් හැකියි.
ඒ අනුව වයස අවුරැදු 60ට වැඩි කාණ්ඩය යටතේ අවුරැදු හෑත්තෑවක් වයසැති අගමැති නරේන්ද්‍ර මෝදි මෙලෙස එන්නත ලබාගෙන තිබේ.
ඉන්දියාවේ කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩපිලිවෙළ යටතේ මේ වනවිට සෞඛ්‍ය ඇතුලු ඉදිරිපෙළ සේවකයන් කෝටි එකහමාරකට අධික පිරිසකට එන්නත් ලබාදී තිබේ.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here