Thursday, April 25, 2024

General line - 0115112241

වේවැල් පහරින් මියගිය දරුවා පිළිබඳ කරුණු රැසක් හෙළිවෙයි 




අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසා කාන්තාවක් එල්ල කළ වේවැල් ප්‍රහාරයක් හේතුවෙන් දෙල්ගොඩ මීගහවත්ත ප්‍රදේශයේ දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ සැකකාර කාන්තාව මීට පෙරද මෙවැනිම අවිධිමත් ප්‍රතිකාර ක්‍රම සිදුකර ඇති බව අනාවරණ වී ඇති බවයි. 

දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය අද සිදු කිරීමෙන් පසු තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට හැකිවනු ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසා වේවැල් පහර එල්ල කළ කාන්තාව සහ දැරියගේ මවද ඊයේ අත්අඩංගුවට ගැණුනා. 

ඔවුන් අධිකරණයට අද ඉදිරිපත් කිරිමට නියමිතයි. 

මූලික පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් පළවා හැරීමට යැයි පවසා පැය පහක පමණ කාලයක් මෙම දැරියට වේවැල්වලින් පහරදී ඇති බවයි. 

ෆාතිමා රිෆ්කා නම් වූ නව හැවිරිදි මෙම දැරිය දෙල්ගොඩ, මීගහවත්ත, කඳුබොඩ ප්‍රදේශයේ පදිංචිව සිටියා.