Friday, March 29, 2024

General line - 0115112241

සිංහල භාෂාව මෙරට දරුවන්ගෙන් ගිලිහීයාමේ අවදානමක්




සිංහල භාෂාව පිළිබද මෙරට දරුවන් තුළ ඇති කැමැත්ත ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් ඇතැයි සිංහල භාෂාව පිළිබද ප්‍රවීණයෙකු වන සම්මාතික මහාචාර්ය ජේ බී දිසානායක පවසනවා. 

ඒ, අදට යෙදෙන සිංහල භාෂා දිනය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග කළ සංවාදයකට එක්වෙමින්. 

සිංහල භාෂාව යාවත්කාලීන කළ නොහැකිද?

මාර්තු 2 වනදා සිංහල භාෂා දිනය ලෙස නම් කළ හේතුවද සම්මාතික මහාචාර්ය ජේ බී දිසානායක මෙහිදී පැහැදිලි කළා.

මෙරට සාහිත්‍යයට අමරණීය මෙහෙවරක් ඉටුකළ කුමාරතුංග මුනිදාසයන් දැයෙන් සමු ගන්නේ 1944 වසරේ මාර්තු 2 වනදා, අද වන් දිනකයි.