Thursday, April 25, 2024

General line - 0115112241

පැය 08 කට පසු සචිත්‍ර සේනානායක ප්‍රකාශයක් දී පිටව යයි : හෙට යලි එන්න කියයි 




ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පැය 8 අධික කාලයක්  ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත අද ප්‍රකාශයක් ලබාදුන්නා.  ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් කළ බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන්. 

පෙරවරු 10ට පැමිණි සචිත්‍ර සේනානායක අද පස්වරු 6.30ට පමණ එම ඒකකයෙන් පිටවගියා. ඔහු හෙට දිනයේද  ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත කැදවා තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 8ට ඔහු එම ඒකකයට යළි කැදවා තිබෙනවා.

තරග පාවාදීමේ සැලසුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති සචිත්‍ර සේනානායක ඊයේ දිනයේදී ඇප අයැදුම්පතක් ද අධිකරණයට ඉදිරිපත් කළා. කෙසේවෙතත්, එම ඇප අයැදුම ප්‍රතික්ෂේප කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීරණය කළේ.