Thursday, April 25, 2024

General line - 0115112241

තාජ් මහල් හි බෝම්බ බියක් : සංචාරකයින් ඉවත් කොට සෝදිසි මෙහෙයුම් අරඹයි




සංචාරක ආකර්ෂණයක් සහිත ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, අග්‍රා නගරයේ පිහිටි තාජ් මහල් සංකීර්ණය තුල බෝම්බ සවිකර ඇති බවට ලද දුරකථන ඇමතුමක් හේතුවෙන් එම සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට ඉන්දීය ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් පොලිසියේ හදිසි ඇමතුම් අංශයට ලද දුරකථන ඇමතුමකින් යම් කිසි පුද්ගලයෙකු සඳහන් කර ඇත්තේ තාජ් මහල් සංකීර්ණයේ පුපුරන ද්‍රව්‍ය සවිකර ඇති බවත් කුමන අවස්ථාකදී හෝ ඒවා පුපුරා යා හැකි බවයි.

දුරකථන ඇමතුම ලැබීමත් සමග තාජ් මහල් නැරඹීමට පැමිණි සංචාරකයින් ඉවත් කොට එහි මේ වන විට සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි උසස් ආරක්ෂක අංශ නිලධාරින් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.