Friday, March 29, 2024

General line - 0115112241

මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයාගෙන් වසරකට පසුව රුධිර සාම්පල් ලබා ගැනේ 




මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයාගේ රුධිර සාම්පල් පරික්ෂා කිරීමක් සඳහා අද දිනයේදී ලබාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වූ එම රෝගියා මේ වන විට සුවය ලබා සිටියත් ඔහුගේ ශරීරයේ ප්‍රතිදේහජනක පරික්ෂා කිරීම සඳහා අද දිනයේ දී රුධිර සාම්පල් ලබා ගැනීම සිදුකරනු ලැබුවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේදී. 

එම පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂක ආචාර්ය චන්දිම ජිවන්දර සඳහන් කර සිටියේ මෙරටින් වාර්තා වූ පළමු ආසාදිතයාගෙන් රුධිර සාම්පල් ලබා ගනු ලැබුවේ සොභාවිකව කොරෝනා වෛරසයට ආසාදනය වූ ඔහුගේ ශරීරයේ මේ වන විට පවතින ප්‍රතිදේහ සම්බන්ධයෙන් සොයා බැලීමට බවයි. ඉදිරියේදී මෙලෙස සුවය ලැබූ පුද්ගලයෙකු යලි කොරෝනා වෛරසයට ගොදුරුවීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මෙම පර්යේෂණයේ තවත් එක් අරමුණක් බවයි මෙහිදී ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියා.

" මේ දක්වා සොභාවිකව කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයින් රැසකගේ රුධිර සාම්පල් ලබාගෙන ඒ හරහා ඉදිරියේදී කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් මිනිස් සිරුරේ ප්‍රතිදේහ ගොඩනැගීම ඇතුළු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් දැනගත යුතු කරුණු රැසක් ගැන පර්යේෂණ සිදුකිරීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අරමුණ බවයි මහාචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටියේ.