Friday, April 19, 2024

General line - 0115112241

වසන්ත කරන්නාගොඩ ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීමට දින නියම වෙයි




හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරනයේ ගොනු කර ඇති නඩු කටයුතු බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සමක් මැයි මස 17දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

මහාධිකරණයේ පවතින නඩු කටයුතු  තාවකාලිකව අත් හිටුවමින් අභියාචනාධිකරණය මීට පෙර  අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණා.

2008 සහ 2009 යන වසරවලදි කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පුද්ගලයන් 11 කු පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරනයේ නීතිපතිවරයා විසින් නඩු පවරා තිබෙනවා.

මහාධිකරණයේ ඇති  නඩුව තමන්ට එරෙහිව ගොනු කර ඇත්තේ  නීතියට පටහැනිව සහ  කිසිදු සාක්ෂියක් නොමැතිව බව කරන්නාගොඩ රිට් පෙත්සමෙන් පවසා සිටිනවා.