Wednesday, April 24, 2024

General line - 0115112241

පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට දින වෙන් කෙරේ




පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය  පිළිබඳ සොයා බැලූ  ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වන බදාදා ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.  ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි. 

ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාවක් ලෙස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව විවාදයට ගැනීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවසුවේ. පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ එම විවාදය පැවැත්වීමට නියමිතයි.