Friday, March 29, 2024

General line - 0115112241

65 ට වැඩි පුද්ගලයින්ටත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමට ජර්මනිය තීරණය කරයි




ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් සිය ස්ථාවරය වෙනස් කරමින්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට ද එම එන්නත ලබාදීමට ජර්මනිය තීරණය කර තිබෙනවා. මීට පෙර ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමට ජර්මනිය විසින් අවසර ලබාදී තිබුණේ වයස අවුරුදු 65 ට අඩු පුද්ගලයින්ට පමණයි.

වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත භාවිතයෙන් සිදුවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු නොමැතිවීම හේතුවෙන් ජර්මනිය එම පියවර ගෙන තිබුණා. නමුත්, පසුව සිදුකළ පර්යේෂණ සහ අධ්‍යයනයන් අනුව සියළුම වයස් කාණ්ඩවල පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත සුදුසු බවට ප්‍රමාණවත් දත්ත මේ වනවිට ලැබී ඇති බවයි ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් පවසා ඇත්තේ.

වයස්ගත පුද්ගලයින් සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීම අනුමත කිරීමට පියවර ගන්නා බව බෙල්ජියම ද ප්‍රකාශ කර තිබෙනවා. වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමට ප්‍රංශයේ අනුමැතිය හිමිවුණේ ඊයේ දිනයේදීයි.