Friday, April 19, 2024

General line - 0115112241

තරගකාරී මිලට වී මිලදී ගැනීමට රජය සැරසෙයි : ගොවීන්ට අත්පිට මුදල් 




තරඟකාරී මිලට වී මිලදී ගැනීමේ රජයේ වැඩසටහන යටතේ මසක් තුළ වී මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 02 ක් ගොවිබිම් වෙත ගොස් මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. මාර්තු මස 08 වනදා සිට අප්‍රේල් මස 07 වනදා දක්වා මාසයක කාලය තුළ මෙට්ට්‍රික් ටොන් ලක්ෂ 02 ක වී මිලදී ගැනීමේදී දිස්ත්‍රික්ක 06 කට ප්‍රමුඛතාව ලබාදෙන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. 

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 06 ට එලෙස ප්‍රමුඛතාව හිමිවනවා. වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමණාකරුවන් 06 දෙනෙකු, සහකාර ප්‍රාදේශීය කළමණාකාරුවන් 60 දෙනෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 300 ක් එම වැඩසටහන සඳහා එක්වීමට නියමිතයි. ලොරි රථ 60 ක් යොදා ගනිමින් වී මෙට්ට්‍රික් ටොන් 6,000 ක් දෛනිකව මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පැවසුවා. 

තෙත වී මිලදී ගැනීමටත්, ගොවියාගේ අතට ඒ මොහොතේම මුදල් ගෙවීමටත් පියවර ගන්නා ලෙසයි කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත්තේ. සහල් මාෆියාව පරාජය කර ජනතාවට සාධාරණ මිලකට සහල් ලබාදීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.