Friday, April 19, 2024

General line - 0115112241

වේල්ලවීදියෙන් හමුවූ කාන්තා සිරුරේ හිස කැළණි ගඟට විසි කළේදැයි සැකයක්




කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක් තුළ දමා ගොස් තිබූ කාන්තා මළ සිරුරේ හිස කොටස සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඝාතනයට ලක්ව ඇති කාන්තාව නිශ්චිතව හඳුනාගැනීම සඳහා ඇයගේ ඥාතීන්ගේ ඩීඑන්ඒ සාම්පල ලබාගැනීම අද දිනයේ සිදුවූ බවයි. 

ඝාතනය සිදු කළ සැකකාර පොලිස් නිලධාරියා විසින් අදාළ කාන්තාවගේ හිස කොටස කැළණි ගඟට විසි කළේදැයි සැක මතුව ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.