Friday, April 19, 2024

General line - 0115112241

නවසීලන්ත මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් : පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ




නවසීලන්තයේ උතුරු දුපත් ආසන්න මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබෙන බව අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර සිටිනවා. 

මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 06ක් පමණ ගැඹුරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නවසීලන්තයේ ඇතුලු පැසිෆික් මුහුදු කළාපයේ පිහිටි රටවල් කිහිපයක් සඳහා පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මිට සුළු මොහොතකට පෙර ඇමෙරිකාවේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා. 

මේ අතර නවසීලන්තයේ උතුරු වෙරළ ආසන්නයේ පදිංචි පුද්ගලයින් හට හැකිතාක් රට තුලට හෝ උස් ස්ථානයකට ගමන් කරන ලෙස නවසීලන්ත ආපදා සහන සේවා ඒකකය දැනුම් දී සිටිනවා.