Friday, March 29, 2024

General line - 0115112241

කොරෝනා සමයේ ලොව පුරා ආහාර නාස්තිය සියයට 22 කින් පහතට




2019 වසරට සාපේෂකව ලොව පුරා ආහාර නාස්තිය සියයට 22 කින් පහත බැස ඇති බව බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අපද්‍රව්‍ය හා සම්පත් පිළිබඳ ක්‍රියාකාරී වැඩසටහන පවසනවා. එහි නවතම අධ්‍යනයෙන් හෙළි වී ඇත්තේ කොවිඩ් 19 වසංගත ව්‍යාප්තියත් සමග මිනිසුන් නිවෙස් තුළ ආහාර කළමණාකරණය කිරීමට සහ වඩාත් අරපිරිමැස්මෙන් ආහාර භාවිතයට හුරු වීම ඊට හේතු වී ඇති බවයි. නමුත් කොවිඩ් වසංගත තත්ත්වය පහව යාමත් සමග ලොව පුරා ආහාර නාස්තිය යළි ඉහළ යනු ඇති බව ද එම පර්යේෂකයින් පෙන්වා දෙනවා. 

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ ආහාර අපද්‍රව්‍ය දර්ශකයේ ගෝලීය වාර්තාවට අනුව, සෑම වසරකම ලොව පුරා ඉවත දැමෙන ආහාර ප්‍රමාණය ටොන් මිලියන 900 ක්. එම ආහාර අපද්‍රව්‍ය අතරින් සියයට 60 ක් නිවසේදී ඉවත දැමෙන බව ද, සියයට 17 ක් ආපනශාලා සහ හෝටල්වලින් ඉවත දැමෙන බව ද අදාළ වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.