ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තෙදින සංචාරයක් සඳහා අද ඉරාකයට පැමිණියා. ඒ, කොවිඩ් වසංගත ව්‍යාප්තියේ අවදානම සහ ආරක්ෂක අවදානම නොතකමින්. ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ළගාවූ පාප් වහන්සේ ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල්-කදිමි ඇතුළු පිරිස විසින් උණුසුම් අයුරින් පිළිගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොවිඩ් වසංගතය ආරම්භ වූ පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ පළමු සංචාරය මෙන්ම පාප්තුමෙකු ඉරාකයේ සංචාරය කළ පළමු අවස්ථාව ද මෙය වනවා. ඉරාකය තුළ වෙසෙන ක්‍රිස්තියානි ප්‍රජාව පෙළගැස්වීම පාප්වහන්සේගේ මෙම සංචාරයේ අරමුණයි. සිය සංචාරය සංකේතාත්මක බවත්, වසර ගණනාවක් දිවි පිදූ රටක් වෙනුවෙන් සිදු කරන යුතුකමක් වශයෙන් මෙය සලකන බවත්, අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here