Wednesday, April 24, 2024

General line - 0115112241

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්




කොළොන්නාව, රාජගිරිය සහ අවට ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 09 සිට අනිද්දා උදෑසන 05 දක්වා පැය 20 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ, අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය රැගෙන යන ප්‍රධාන නළයක අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන්.

කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය, මොරගස්මුල්ල, ඔබේසේකරපුර, නාවල, කොස්වත්ත සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළා.